රුසියාවේ පිපිරීමක් : 10ක් මරුට

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවයි.

සිද්ධියෙන් 50ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාල ලැබූවන් අතර ළමයින්ද සිටින බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් පසුව පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය මාර්ගයේ ගමන් නවත්වා ඇත. සිදුවීමෙන් පසුව මොස්කව් නුවර උමං දුම්රිය මාර්ගයේ ආරක්ෂාවද තහවුරු කර තිබේ.

Deadly blast strikes Saint Petersburg metro