SF ලොක්කා කළ අලුත්ම කතාව (VIDEO)

අනුරාධපුර නගරයේ කැරෝකේ සමාජ ශාලා හිමිකරුවෙකු වන වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත කපා කොටා අමානුෂිකව ඝාතනය කිරීම, කප්පම් ගැනීම් සහ බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ SF ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ “සිංහ ලේ” ව්‍යාපෘතියේ නවතම නායකයා වශයෙන් තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

මොහු කරාටේ වසන්ත කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිනී මැරුම් චෝදනා මත බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත නිදහස් වූ අයෙක් වෙනවා.

එමෙන්ම අනුරාධපුර නගරයේ ප්‍රබල පාතාල නායකයෙකු ලෙසත් නම් දරා සිටින මොහු “සිංහ ලේ” ව්‍යාපෘතියේ නවතම නායකයා වශයෙන් තෝරා ගැනීම සැවොම තුල පවතින ප්‍රශ්නයක්.

මෙය සමාජ ජාලයන් තුළ කතාබහට ලක් වෙමින් පවතිනවා. එම වීඩියෝව පහතින්.