විමල් වීරවංශ ආහාර එපා කියයි

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැගසින් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබේ. අද (22දා) පෙරවරුවේදී ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇති අතර උදෑසන ආහාරයද මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට එරෙහිව රජය විසින් දේශපාලන වශයෙන් පළිගැනීමක් සිදුකරන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කර තිබේ. පුද්ගලික තීරණයක් අනුව මන්ත්‍රීවරය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඒ පිළිබඳව කතානාක කරු ජයසූරිය මහතා දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 90ක පමණ මූල්‍ය අලාභයක් සිදුකිරිමේ චෝදනා යටතේ මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත් විය. අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.