කිරම විමලජෝති හිමිට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය

දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා කොළඹ,තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙහි නිර්මාතෘ, හොරණ- කහටපිටිය, කනන්විල දහම් පුහුණු මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය කිරම විමලජෝති හිමියන්ට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම පසුගිය 26 වන ඉරු දින, කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවතිණ.

ඒ සඳහා කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තපාන ධම්මාලංකාරාභිදාන මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් ද ,කථානායක ගරු කරු ජයසූරිය මැතිඳුන් හා හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ප්‍රධාන මැති,ඇමතිවරුන්ගේ සහාභාගිත්වයෙන් ද උත්සවශ්‍රීයෙන් සිදුවිය.​