සිංගප්පූරුවේන් ගෝඨාට අධි ශිෂ්‍යත්වයක්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජේ‍යෂ්ඨ අධි ශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා ඊයේ (30දා) පස්වරුවේ පිටත්ව ගොස් තිබේ.පුරා මසක කාලයක් සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මේ ආරාධනාව ලැබ තිබෙන්නේ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ  පාසලෙනි.

එම අධ්‍යාපන ආයතනය 1996 වර්ෂයේ ආරම්භ කොට ඇති අතර ඉන් රාජ්‍ය ආරක්‍ෂාව, යුද උපාය මාර්ග පිළිබඳ අධ්‍යයන කටයුතු ලබාදෙන ප්‍රමුඛ ආයතනයක් ලෙස සඳහන්ය.