ලංකාවේ ගැහැනු ජනගහණය ඉහළට

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට පාසල් අධ්‍යාපනය ලබන, සරසවි අධ්‍යාපනය ලබා රැකියාවන්ට ඇතුළු වන මෙන්ම ඉහළ වෘත්තිය දක්‌ෂතා හා පරිපාලන හා පරිපාලන ක්‌ෂේත්‍රයේ ඉහළ නිලතල දරණ වැඩි ප්‍රමාණයක්‌ කාන්තා පාර්ශවය විසින් අත්පත් කර ගනිමින් සිටිති. දැනට ලංකාවේ කාන්තාවන්ගේ පළමු දරු උපත වයස අවුරුදු 25.4 කි. පිරිමින්ගේ උපතේදී අපේක්‌ෂිත ආයු කාලය වයස අවුරුදු 72.85 වන අතර කාන්තාවන්ගේ එම අගය වයස අවුරුදු 79.99 කි.
ඒ අනුව ලංකාවේ සාමාන්‍ය පිරිමියෙකුට වඩා කාන්තාවක වයස අවුරුදු 7 ක්‌ වැඩිපුර ජීවත් වේ. පිරිමින් අතර සාක්‌ෂරතාවය 92.6% වන අතර කාන්තාවන්ගේ එම අගය 90% කි.

අවුරුදු 22-54 අතර වයසේ පසුවෙති. එම වයස්‌ පරතරය තුළ සිටින කාන්තාවන් ප්‍රමාණය 4,708,288 කි. පිරිමින්ගේ ප්‍රමාණය 4,504,395 කි. ජනගහනයෙන් වයස අවුරුදු 55-64 අතර කාන්තාවන් ප්‍රමාණය 1,117,310 කි. පිරිමින් සංඛ්‍යාව 966,285 කි. සමස්‌ත ජනගහනය 8.7% කි. වයස අවුරුදු 65 වැඩි වන අතර ඒ තුළ පිරිමි ජනගහනය 812,669 කි.092,689 කි. පිරිමින්ගේ මධ්‍යන්‍යය වයස අවුරුදු 30.6 කි. කාන්තාවන්ගේ එම අගය වයස අවුරුදු 32.9 කි. සමස්‌ත ජනගහනයෙන් පිරිමි ගැහැනු අනුපාතය 0.9 කි. මේ අනුව ජනගහනයෙන් කාන්තාවන් සියදෙනකු සඳහා පිරිමින් සිටින්නේ 94.96 කි. වයස්‌ ගතවීම වැඩි වන විට කාන්තා ජනගහනය පිරිමින් තවදුරටත් අභිබවා යති.

සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට පාසල් අධ්‍යාපනය ලබන, සරසවි අධ්‍යාපනය ලබා රැකියාවන්ට ඇතුළු වන මෙන්ම ඉහළ වෘත්තිය දක්‌ෂතා හා පරිපාලන හා පරිපාලන ක්‌ෂේත්‍රයේ ඉහළ නිලතල දරණ වැඩි ප්‍රමාණයක්‌ කාන්තා පාර්ශවය විසින් අත්පත් කර ගනිමින් සිටිති. දැනට ලංකාවේ කාන්තාවන්ගේ පළමු දරු උපත වයස අවුරුදු 25.4 කි. පිරිමින්ගේ උපතේදී අපේක්‌ෂිත ආයු කාලය වයස අවුරුදු 72.85 වන අතර කාන්තාවන්ගේ එම අගය වයස අවුරුදු 79.99 කි. ඒ අනුව ලංකාවේ සාමාන්‍ය පිරිමියෙකුට වඩා කාන්තාවක වයස අවුරුදු 7 ක්‌ වැඩිපුර ජීවත් වේ. පිරිමින් අතර සාක්‌ෂරතාවය 92.6% වන අතර කාන්තාවන්ගේ එම අගය 90% කි.

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ සමස්‌ත ජනගහනයෙන් වැඩි පාර්ශවයන් බවට ද වැඩි කාලයක්‌ ජීවත් වන ජන කොටස බවටද කාන්තාවන් පත්වෙමින් සිටින බවයි. අද වන විට බොහෝ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන වල සෞඛ්‍ය අංශය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක ද වැඩි බලයක්‌ කාන්තා පාර්ශ්වය විසින් දිනා ගනිමින් සිටී. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ සමස්‌ථත වූ සරසවි ප්‍රවේශය ලැබූ වැඩි ප්‍රතිශතයක්‌ ගැහැනු ළමුන් වන අතර පෞද්ගලික ටියුෂන් පංති තුළ ද මේ තත්ත්වය කැපී පෙනේ. අතීතයේ මෙන් නොව ගෙවී ගිය අවසාන දශක 4 කාල සීමාවේදී කාන්තාවන් වැඩි වශයෙන් උසස්‌ අධ්‍යාපනයට නැඹුරු වීම ධනාත්මක ප්‍රවණතාවයක්‌ වුවද මෙහි ප්‍රතිඵල ලෙස කාන්තාවන් විවාහ වීම, දරුවන් ලැබීම. ජනගහන වර්ධනය අඩාල විය හැක. පවුලේ සාමාජිකයන් සමඟ විශේෂයෙන් දූ දරුවන් සමඟ ගත කරන කාලය අඩුවී යනු ඇත. සැමියා හා බිරිඳ අතර පවතින පරතරය වැඩි වන අතර එකිනෙකා අභිබවා යැමට උත්සාහ කිරීම ද කාන්තාව සතු වන ස්‌වාධීනත්වය ඉහළ යා හැකි නිසා පවුල් ආරවුල් සහ දික්‌කසාද ආදිය ඉහළ යනු ඇත. පරිපාලන ක්‌ෂේත්‍රයේ මුල් පුටු සඳහා කාන්තාවන් වැඩි වශයෙන් පැමිණීමත් සමඟ මෙතෙක්‌ පිරිමින් සතු වූ රාජ්‍ය පරිපාලනයේ ආධිපත්‍යයද ගිලිහී යමින් පවතී.

සෞඛ්‍ය සේවය තුළ පිරිමි සේවක සංඛ්‍යාව අඩුවී කාන්තා සේවක ප්‍රමාණය වැඩිවීම නිසා ඇතැම් රෝහල් ක්‍රියාත්මක වීම අඩාල වෙමින් පවතී. මෙය ඉදිරියේදී බරපතළ සමාජ දේශපාලන ප්‍රශ්නයක්‌ බවට පත්වනු ඇත. මේ අන්දමට කාන්තාවන් රැකියා සඳහා ඇතුල්වීම ද ඔවුන් පසුව ප්‍රසූති නිවාඩු ලබා ගැනීම ද නිසා ඇතැම් රාජකාරි ස්‌ථාන මාස ගණනක්‌ වසා තැබීමට සිදුවන අවස්‌ථා පවතී. නිදසුනක්‌ වශයෙන් රෝහලක විකිරණ ශිල්පිනියක (ඞ=Raහ) ගර්භනීභාවයට පත්වුවහොත් ඇය එදින සිට දරු ප්‍රසූතිය දක්‌වා මාස 9 ක්‌ද දරු ප්‍රසූතියෙන් පසුවද තවත් මාස 9 කට ආසන්න කාලයක්‌ ද සේවා ස්‌ථානයෙන් බැහැරව සිටීම නිසා ඇතැම් රෝහල් වල ඞ=Raහ ජනනය සැලකිය යුතු කාලසීමාවකට නතර කිරීමට සිදු වේ.

පරිපාලනයේ මුල් පුටු කාන්තාවන් වැඩි ප්‍රමාණයක්‌ අත්පත් කර ගැනීම නිසා ඔවුන්ගේ යටතේ සේවය කිරීමට ඇතැම් පිරිමින් අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පරිපාලනයේදී සෘජු තීරණ ලබා නොගැනීමත් නිසා ගැටලු ඇතිවන අවස්‌ථා බොහෝය. දකුණු ආසියාවේ පිරිමින්ට සමාන අයිතිවාසිකම් හිමි ප්‍රධානතම රාජ්‍ය ලංකාවයි. ලොව ප්‍රථම අගමැතිනියද බිහි වූයේ ලංකාවේය. විදේශ රැකියාවල නිරත වීම නිසා ගෘහ සේවය මගින් මෙරටට විශාලතම ධන සම්පතක්‌ සපයන්නේද කාන්තාවන්ය. දකුණු ආසියාවේ අනෙක්‌ රටවලට සාපේක්‌ෂව ලංකාවේ කාන්තාවෝ බොහෝ අංශවලින් පෙරමුණේ සිටිති.ලංකාවේ දේශපාලන ප්‍රවාහයට කාන්තාවන් වැඩි ප්‍රමාණයක්‌ එක්‌ විය යුතු බවට මේ වන විට මතයක්‌ ගොඩනැඟෙමින් පවතී. ඉහළ පාර්ලිමේන්තුවේ සිට පහළ ගම්සභාව දක්‌වා මුල් පුටු රැසක්‌ කාන්තාවන් විසින් අත්පත් කර ගනිමින් සිටිති.

මේ වන විට ග්‍රාමීය කාන්තාවන් අතරින් වැඩි ප්‍රමාණයක්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂක කලාප තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අනුයුක්‌තව සේවය කරයි. එහෙත් කාන්තාවන් අතරින් වැඩි ප්‍රමාණයක්‌ නිසි ඇගයීමට ලක්‌ වන්නේ නැත. ලාංකීය ජනගහනය 600000 අධික කාන්තාවන් පිරිසක්‌ විදේශීය ගෘහ සේවිකා කටයුතුවල නිරතව සිටිති. ඔවුන් විසින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්‌මවති. මෙය ඉතා ඉහළ අගයකි.

පසුගිය දශක 03 කට අධික ආසන්න කාලය තුළ අධ්‍යාපනය කරා යොමුවූ කාන්තා ප්‍රතිශතය ඉහළ යැම නිසා බොහෝ රාජකාරි ස්‌ථානයන්හි අභ්‍යන්තර ගැටලු රැසක්‌ නිර්මාණය වී ඇත. ලාංකික කාන්තාවන්ගේ සාක්‌ෂරතාවය පිරිමින්ට සාපේක්‌ෂව එය ඉහළ අගයකි. මේ නිසා පරිපාලනමය තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයන්ද ඇතිවන අවස්‌ථා පවතී. කාන්තා පාර්ශවය විවාදාත්මක තීරණ නොගැනීම නිසා පිරිමින් විසින් ඔවුන් යටපත් කරන අවස්‌ථා බොහෝය. පරිපාලනයේ ඉහළ නිලතල ලාබාල කාන්තාවන් විසින් අත්පත් කර ගැනීම නිසා පරිපාලන තීරණ ගැනීමේදී ප්‍රමාදයන් ඇතිවන අවස්‌ථා වාර්තා වී ඇත.

අධ්‍යාපන සඳහා යොමුවන කාන්තාවන් ප්‍රමාද වී විවාහ වීම හෝ දරුවන් ලැබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ජපානයට සමාන තත්ත්වයක්‌ උද්ගත වනු ඇත. එනම් ජනගහන වර්ධන වේගය අඩාල වන අතර රටේ සංවර්ධනයට දායක වන ක්‍රියාකාරී ජන කොටස අඩුවේ. වයස්‌ගත ජනගහණය තුළ කාන්තාවන් වැඩිවන නිසා තරුණ පරපුරට ඔවුන් රැකබලා ගැනීමට වැඩි ආයාසයක්‌ දැරීමට සිදුවනු ඇත. මෙය ආර්ථිකයට අමතර පීඩනයක්‌ ඇති කරයි.

අතීතයේදී අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වූයේ තේ , සහ රබර් කර්මාන්තයන්ය. එම අංශ දෙකේදීම වැඩි කාර්යයක්‌ ඉටු කරනු ලැබූයේ කාන්තා පාර්ශවය විසිනි. එහෙත් මේ වන විට විදේශීය ගෘහ සේවයත් ඒ ආශ්‍රිත අවස්‌ථා අඩු වීමත් නිසා ඒ වැනි කර්මාන්ත අභාවයට යමින් පවතී. සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ලංකාවේ සංවර්ධන කාර්ය සඳහා අදට වඩා වැඩි කාන්තා දායකත්වයක්‌ අවශ්‍යව ඇත.

දශක 03 කට අධික කාලයක්‌ තිස්‌සේ පැවති උතුරු නැඟෙනහිර යුද්ධයද කාන්තාවන්ගේ රැකියා අවස්‌ථා අහිමි කරන ලදී. මේ වන විට තේ දලු නෙළීම සඳහා කාන්තාවන් නොමැති වීමෙන් තේ කර්මාන්තය කෙමෙන් අභාවයට පත්වෙමින් ඇත.

කාන්තා ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක්‌ රැකියාවල නිරත නොවීම නිසා ඔවුන් රැකබලා ගැනීමේ කාර්යය තවත් දශක 2-3 ගියපසු සාමාජීය භූමිකාවන් ඉටු කරන තරුණ තරුණියන්ට ගැටලු රැසක්‌ ඇති කරනු ඇත.

ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා කාන්තා දායකත්වය තවමත් සිදුවන්නේ මන්දගාමී ලෙසිනි. තේ කර්මාන්තය කඩා වැටීම සමඟ තේ දලු නෙළීමේ කාර්යයන් අඩාල වී ඇත. මේ නිසා ආර්ථික සංවර්ධනය ප්‍රධාන වශයෙන්ම කාන්තා ගෘහ සේවයත් පිරිමි පාර්ශවය කොරියාව වැනි රටවල කර්මාන්ත ශාලාවල සේවය කිරීමෙන් ලැබෙන ආදායමටත් සීමාවී ඇත. මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

කාන්තා පාර්ශවය වැඩි වශයෙන් කාර්යාලයීය රැකියා තෝරා ගැනීමත් සමඟ ක්‍ෂේත්‍ර රැකියා වැනි ලැබෙන ආදායම අඩුවී ඇත. කාර්යාලයීය රැකියාවල නිරත වැඩි ප්‍රමාණයක්‌ තම සේවා කාලය තුළ දී නිකරුනේ කාලය ගත කරන බව පෙනී ගොස්‌ ඇත. මෙය බරපතළ අපරාධයකි. කාන්තා ජනගහනය වැඩිවීමත් ආයු කාලය වැඩිවීමත් නිසා සුභ සාධක කටයුතු සඳහා වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය අඩු වී ඇත.

මේ අනුව පෙනී යන්නේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා කාන්තා දායකත්වය වැඩි දියුණු කිරීමට දැනට පවතින ක්‌ෂේත්‍ර ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත. ශ්‍රම වෙළෙඳපොළ තුළ කාන්තාවන් සඳහා ඇති ස්‌ථාන ප්‍රමාණය සහ ක්‍රියාත්මක වීමට ඇති අවස්‌ථා ගණන වැඩිකර දිය යුතුය. දේශපාලන ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය මට්‌ටමේ සිට කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇත.

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ පිරිමි ජනගනය අභිබවා කාන්තා ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධයෙන් පාලකයින්ගේ ඉක්‌මන් අවධානය යොමු විය යුතුව ඇති බවයි. එසේ නැතහොත් රටේ ආර්ථිකය සම්බන්ධව බරපතළ කඩඉමකට අප ළං වෙමින් සිටින අවධියක එය තවදුරටත් තනිවී යනු ඇත.
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
හම්බන්තොට