විමල්ට සුබ උපන් දිනයක්‌

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදට (07) යෙදී තිබේ. විමල් වීරවංශ මහතාගේ උපන් දිනය වෙනුවෙන් බෝධි පූජා ඇතුළු ආගමික වැඩසටහන් රාශියක්‌ පැවැත්වෙන බව ජාතික නිදහස්‌ පෙරමුණ පවසයි. මීට දින 56 කට පෙර අත්අඩංගුවට ගනු ලැබූ විමල් වීරවංශ මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ විශේෂ සිරකුටියක රඳවා සිටී.