අර්ජුනගේ අරක්කු කම්හලට විශාල බදු සහනයක්‌

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්‌ මහතා විසින් මඩකලපුවේ කල්කුඩාහි ආරම්භ කිරීමට නියමිත ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරයට විශාල බදු සහනයක්‌ ලැබීමට නියමිතය.

ඇලෝසියස්‌ මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස්‌ අරක්කු සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි.

2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා කර ඇති අතර, ඒ අනුව එම වාසිය මෙම සමාගමට හිමි වේ.

මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් මේ වන විට නතර වී ඇත්තේ කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාව හා නැගෙනහිර පළාත් සභාවෙන් මේ සඳහා විරෝධය පළ වී ඇති නිසාය.