එමා වොට්සන්ගේ ලීක් වුණු පොටෝ

හැරී පොටර් චිත්‍රපටය හරහා ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ හොලිවුඩ් රංගන ශිල්පිණී එමා වොට්සන්ගේ පුද්ගලික ඡායාරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට නිකුත්වීම ගැන ඇය නඩුවක් ගොනුකර තිබෙනවා.
මේ වනතුරු ප්‍රසිද්ධ වී තිබුණේ ඒවා එමාගේ නිරුවත් ඡායාරූප බවටයි. නමුත් එමාගේ කළමනාකරුවකු ඊයේ මාධ්‍යයට පවසා තිබෙන්නේ ඒවා එමාගේ අසභ්‍ය ඡායාරූප නොවන නමුත් ඇඳුම් අඳිනා අවස්ථාවක ගන්නා ලද ඒවා වන බවයි.

“මීට අවුරුදු දෙකකට පෙර එමා ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු සමග ඇඳුම්වල මිමි නිවැරදිදැයි පරීක්ෂා කරන වෙලාවක ගතපු පින්තූර වගයක් තමයි හැකර්වරුන් අතට පත්වී තිබෙන්න්නේ. නමුත් ඒ ගැන අපට වැඩිදුර කතා කිරීමෙන් වැළකී සිටින්න කියලා නීති උපදෙස් ලැබී තියෙනවා. ඒ නිසා මීට වඩා වැඩි යමක් කියන්න අපහසුයි, සමාවෙන්න.” යනුවෙන් ඔහු පවසා තිබුණා.