රුපියල බරපතළ අර්බුදයක!

විදේශ ආයෝජන දිගින් දිගටම අඩුවීම සහ විදේශ විනිමය ගලායැම් ඉහළ යැමෙන් රුපියලේ අගය රැක ගැනීම බරපතළ ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ගිය වසරේ (2016) නොවැම්බර් මස දක්‌වා විදේශ සෘජු ආයෝජන ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා සියයට 34.4 කින් පහත වැටී ඇත. මේ අතර රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ ආයෝජන නැවත ගලායැමද වේගවත් වී තිබේ.

2016 වසරේදී රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ මේ වසරේ (2017) පෙබරවාරි මස 14 දින දක්‌වා ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද රටින් පිටට ගලාගෙන ගොස්‌ ඇත.

මේ අනුව රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශිකයින් සතු ආයෝජන ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන සියයට 4.4 ක්‌ දක්‌වා අඩු වී ඇතැයිද මහ බැංකුවේ ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර මේ වසරේ (2017) පෙබරවාරි 15 දින දක්‌වා කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ද්විතීයික වෙළෙඳ පොළේ ශුද්ධ ගෙවීම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ බවද වාර්තා වේ.