මාර්තු දහඅට ග්‍රහ යුද්ධයක්‌

* වෘෂභ හා තුලා යන ලග්නවලට ගජ වාසි.

* මිථුන, කන්‍යා, මකර හා කුම්භ යන ලග්න හිමියන්ට පැතුම් ඉටුවේ.

* මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන අසුබ කාලයක්‌.

රාශි වළල්ලේ දොළොස්‌ ග්‍රහයන් අතරින් ප්‍රධාන මෙන්ම පෘථිවි වාසී අපට ඉතා ආසන්න ග්‍රහ තාරකා දෙකක්‌ වන බුධ හා සිකුරු යන ග්‍රහයන් දෙපළ සංයෝග වීමක්‌ හෙවත් ග්‍රහ යුද්ධයක්‌, මාර්තු 18 වැනි සෙනසුරාදා සවස 5.58 ට සිදු වීමට නියමිතය.
ඒ අනුව යම් ග්‍රහයන් දෙදෙනෙකු එකම රාශියක එකම අංශකයක්‌ තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක්‌ ග්‍රහයෙකුගේ කිරණ වළල්ලට අනෙක්‌ ග්‍රහයා ආවරණය වීම අප ජ්‍යෙdතිෂයේදී සරලව ග්‍රහ යුද්ධයක්‌ ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුද වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිදුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්‍රහයෙකු ලෙස ජ්‍යෙdතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක්‌ අප සෞරග්‍රහ මණ්‌ඩලයේ දොළොස්‌ ග්‍රහයන් අතරින් ග්‍රහ ලොව සුකුමාලිය හා සුබ ග්‍රහලොවක්‌ වන ශූක්‍ර හෙවත් සිකුරු හා කුඩාම ග්‍රහලොවක්‌ වන බුධ ග්‍රහයා අතර සිදුවීමට නියමිතය. බුධ හා සිකුරු ග්‍රහ මණ්‌ඩලයේ අතිශයින් මිතුරු ග්‍රහ යුගලකි. බුධගේ රාශිවලට සිකුරුත්, සිකුරුගේ රාශිවලට බුධත් සුබ ග්‍රහයන් වේ.

මෙහිදී ග්‍රහලොව ප්‍රබල ග්‍රහයින් දෙදෙනෙකු හා මිතුරන් දෙදෙනෙකු වන බුධ හා ග්‍රහලොව ගුරුට පසු දෙවනුවට සුබ ග්‍රහයා වන සිකුරු අතර මෙම ග්‍රහ යුදයෙන් බුධ පරදා සිකුරු ජයගනු ඇත. මෙම ග්‍රහ යුද්ධය සිදුවන විට තත්කාල කේන්දරය තුළ මාර්තු මස 18 වැනි දින වන විට බුධ ග්‍රහයා නීචව මීනයට පිවිසීමත් සමගින් වක්‍ර ගුරු හා ශනි යන ග්‍රහයන් දෙදෙනා පිළිවෙළින් කන්‍යා හා ධනු යන රාශීන් තුළ ඉතා ආසන්න අංශකයන් තුළ ගමන් කරයි.

එසේම සිකුරුගේ ජයෙන්, සිකුරුගෙන් නියෝජනය වන අංශවලට ඉතා දැඩි සුබ බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවක්‌ දැකගත හැකිය. සිකුරු ජය ගැනීම විවාහ මංගල කටයුතු, නව නිවාස ඉදිකිරීම්, ප්‍රේම සම්බන්ධතා, යාන වාහන , විසිතුරු භාණ්‌ඩ හා රෙදිපිළි කර්මාන්තයට සුබදායක වනු ඇත. එසේම සිකුරු මහ දශා, අතුරු දශා හා විදශා ගත කරන්නන්ට මෙම සිකුරුගේ ජයග්‍රහණය ඉතාමත් යහපත් වන්නේය. සිකුරු හිමි ලග්න වන වෘෂභ හා තුලා යන ලග්නවලටත්, සිකුරා යෝග කාරක වන මිථුන, කන්‍යා, මකර හා කුම්භ යන ලග්න හිමියන්ටත් තම අපේක්‍ෂා ඉටුවන ඉතාමත් යහපත් කාලයක්‌ වනු ඇත. මෙම කාලසීමාව තුළ මෙරට තුළ විශිෂ්ට කලා නිර්මාණ බිහිවන කාලයක්‌ වන්නේය. මෙරට සිනමා පටයක්‌ හෝ නාට්‍යයක්‌ ජාත්‍යන්තරය තුළ සම්මානයට පාත්‍ර වනු ඇත. කලාකරුවන්ට යහපත් වූ කාලයකි. එසේම සිකුරුගේ ජයත් සමගින් ලක්‌ෂ්මී දේවියගේ අශිර්වාදය ලැබීමට මෙම කාලය යහපත් වනු ඇත.

එසේම මෙම ග්‍රහ සටනින් බුධ පරාජය වීම හේතුවෙන් අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වනු ඇත. මෙම කාලසීමාව තුළ උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම සමාජයේ දැන උගත් ප්‍රභූන්ට විවිධාකාරයේ නරක නාම මෙන්ම බාධාකාරී හා අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. විශ්ව විද්‍යාල ක්‌ෂෙත්‍රයේ අර්බුද, ශිෂ්‍ය උපවාස, මර්දනකාරී තත්වයන් ඇති වන අතර ශිෂ්‍ය ප්‍රජාවේ පෙරළිකාර හා රැඩිකල් ගති ඉස්‌මතු වන කාලයක්‌ වනු ඇත.

බුධ මහ දශා හා අතුරු දශා, විදශා ගතකරන අය පරිස්‌සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක අසුබ ප්‍රතිඵලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා බදාදා දිනවල බෝධි පූජා පැවැත්වීමත්, කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.

වැඩිවිස්‌තර ස`දහා 0713905248



ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ "තසුනි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය