විමල් බන්ධනාගාර රෝහලට

රජයේ වාහන 40ක් අවභාවිතා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතා මේ වනවටි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

තමන්ට ඇප ලබාදෙන ලෙස බලකමින් ඔහු උපවාසයක් ආරම්භ කළ අතර මේ වනවිට ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් ඇත.

බන්ධනාගාර ආඥා පනත අනුව කිසියම් සිරකරුවෙකු ආහාර වර්ජනය කරන්නේ නම් බලහත්කාරයෙන් ඔහුව රෝහලට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය අයිතියක් පවතින බවද පැවසේ.

ඔහුගේ උපවාසය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ දින කිහිපයක් ගිය පසු වෛද්‍ය උපදෙස් අනුව ඔහුය රෝහලකට යොමු කරන බවය.