තෙල්බාලාගේ සිරුර ලංකාවට එවයි

පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස කලක් කිරුළු පැලඳ සිටි කරුපයියා වාප්පු බාලන් නොහොත් 'තෙල් බාලා' ඉන්දියාවේ චෙන්නායි නුවරදී හදිසියේ මියගොස් ඔහුගේ මළ සිරුර ගුවන් මඟින් ඊයේ (01දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

මෙරට සිදුවූ මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ මහ මොළකරුවකු ලෙස හැඳින්වෙන 'තෙල් බාලා' 2006 වසරේදී ඉන්දියාවට පලා ගොස් තිබිණි.
පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකටද සම්බන්ධ 'තෙල් බාලා' ඉන්දියාවේ සැඟවී මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත.

ඔහු සිදුකළ අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවක් නිසා මේ මරණය සිදුවූ බවටද ඉන්දීය වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

මොහුගේ මළ සිරුර ඊයේ (01දා) අලුයම 4ට පමණ යූ.එල්. 120 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන විත් ඥාතීන්ට භාරදී ඇත.