ගීතාට මන්ත‍්‍රීකම දරන්න බෑ

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇයගේ ස්විට්සරලන්ත පුරවැසිභාවය අහෝසි කරගෙන ඇති බවට සනාථ කල හැකි සාක්‍ෂි කිසිවක් ලැබී නොමැති නිසා ඇයට තව දුරටත් මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරිය නොහැකි බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දී ඇත.

ඒ අනුව අභියාචනාධිකරණය අද දිනයේ කියා සිටියේ අදාල නඩුවේ තීන්දුව මැයි මස 05 වන දින ලබා දෙන බවයි.

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රී ධුරයක් දැරීම අභියෝගයට ලක් කරමින් අදාල පෙත්සම ගොනු කර ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයන් පස් දෙනෙකු විසිනි.

පසුගිය මහ මැතිවරණයේ ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලයිස්තුව අනුව ඊළගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේ මහතා වන අතර ඔහු මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතවත්ව කටයුතු කරයි.