ලොව හොඳම රට ස්‌විස්‌ටර්ලන්තය

ලොව හොඳම රට ලෙස ස්‌විස්‌ටර්ලන්තය තේරී ඇත.

ඇමරිකාව සිදු කළ විමර්ශනයකින් මේ බව හෙළි වී තිබේ. යූ. එස්‌. නිව්ස්‌ ඇන්ඩ් වර්ල්ඩ් පුවත්පත කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

ලොව හොඳම රටවල් අතරින් 2 වැනි ස්‌ථානය කැනඩාවට හිමි වී තිබේ. මෙහිදී ඇමරිකාවට හිමි වී ඇත්තේ හත්වැනි ස්‌ථානයයි.

බ්‍රිතාන්‍ය තෙවැනි ස්‌ථානයටද ජර්මනිය සිව්වැනි ස්‌ථානයටද ජපානය පස්‌වැනි ස්‌ථානයටද තේරී ඇත.

නෝර්වේ රටට හිමි වී ඇත්තේ 10 වැනි ස්‌ථානයයි.

සිංගප්පූරුව 15 වැනි ස්‌ථානය හිමිකර ගෙන ඇත. රටවල් 60 පිළිබඳව කළ විමර්ශනයේදී මේ තොරතුරු හෙළි වී තිබේ.