හතු ආහාරයට ගැනීමේ වාසි

හතු (මෂ්රූම්ස්‌) වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ස්‌ථුලභාවයට පත්වීමේ, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරන බව බටහිර වෛද්‍ය පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

එම පර්යේෂණවලට අනුව හතු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් බෝ නොවන රෝග වැලඳීම වළක්‌වා ගත හැක්‌කේ හතුවල එම රෝග වළකාලන ප්‍රතිඔක්‌සිකාරක රසායන ද්‍රව්‍යයන් වැඩි වශයෙන් අන්තර්ගතව පැවැතීම නිසාය. හතුවල අන්තරගත "සෙලෙනියම් ලවණ" වර්ගය බොහෝ පලතුරු හා එළවළු වර්ගවල අන්තර්ගත නොවන අතර එම ලවණය අක්‌මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වය කෙරෙහිත් ශරීරයේ ඇතැම් පිළිකා ඇති කරනු ලබන සංයෝගයන්හි විෂ නැති කිරීමටද ඇතැම් පිළිකා තත්ත්වයන් වර්ධනය වීම වැළැක්‌වීමටද මහෝපකාරී වන බව සනාථ වි තිබේ.

හතුවල තන්තු (µයිබර්) අධිකව අඩංගු වීම හේතුවෙන් එය පළමු ඝනයේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කරලීමට උපකාරි වේ.

පොඩි කරන ලද හෝ කපන ලද අමු හතු කෝප්පයක කැලරි 15 ක්‌ ප්‍රොaටීන් ග්‍රෑම් 2.2 ක්‌, කාබෝහයිඩේ්‍රට්‌ ග්‍රෑම් 2.3 ක්‌, තන්තු ග්‍රෑම් 0.7 ක්‌ හා සීනි ග්‍රෑම් 1.4 සහිතව අන්තර්ගතව පවතී.

හතු විටමින් බී වර්ග වන රයිබොµaලෙවින් (බී 2) ෙµdaලේට්‌ (බී 9) තයමින් (බී 1) පැන්ටොතනික්‌ අම්ලය (බී 5), හා නයසීන් (බී 3) වර්ගවලින් අනූනය. හතු විටමින් ඩී අඩංගු එකම කිරි ඇතුළු සත්ත්ව නිෂ්පාදනයක්‌ නොවන ආහාරය සේ සැලැකේ.

හතුවල අන්තර්ගත සෙසු ලවණ වර්ග අතර කොපර්, යකඩ, පොස්‌පරස්‌ වේ. නින්දට, මාංශපේශිවල හැසිරීමට, ඉගෙන ගැනිමට, මතකය පවත්වා ගැනීමට උපකාරී වන කෝලයින් නමැති පෝෂණ පදාර්ථයද හතුවල අන්තර්ගත පවතින බව සොයා ගෙන තිබේ.

මේ සා පෝෂණයක්‌ ලබා දීමට සමත් හතු වෙළෙඳපළෙන් මිලදී ගැනීමේදී සෑම විටම ස්‌ථාවරව පවතින, වියළි හා හානි නොවූ හතු මිලදී ගැනීම වැදගත්ය. හතු නිවසේ ශීතකරණයෙහි තැන්පත් කර තැබිය යුතු අතර භාවිත කරන තෙක්‌ හතු සේදීමට හෝ කැපීමට නො යා යුතුය.

ඕනෑම වර්ගයක හතු පිළියෙල කිරීමේදී එයට ලුණු එකතු කිරීමෙන් ක්‍ෂණික රසවත් ව්‍යංජනයක්‌ සකස්‌ කර ගත හැකිය. අමු ක්‍රිමිනි හෝ සුදු පැහැති කැපූ හතු සලාදයකට එක්‌ කර ගත හැකි අතර කුඩා කැබලිවලට කැපු හතු බිත්තර ඔම්ලට්‌ සෑදීමේදී උදැසන ආහාර සකස්‌ කිරීමේදී යොදා ගත හැකිය. ගා ගත් හතු සැන්ඩ්විච් පිළියෙල කිරිමේදී භාවිත කළ හැකි බව බටහිර පර්යේෂකයෝ පවසති.

සුදු පැහැති හතු, පෝaටංබලා, ෂිටාකේ, ක්‍රිමිනි යන හතු වර්ග ආහාරයට සුදුසු වුවත් කැලෑබද ප්‍රදේශවල වැවෙන හතු මිනිස්‌ සිරුරට විෂ වන බව පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි හතු වර්ගවල ඝන ලෝහ වර්ග හා හානිකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වීම නිසා ඒවා අනුභව කිරීමෙන් දැඩි සේ රෝගාතුර වීමට මෙන්ම කෙනෙකු මිය යාමටද හේතු විය හැකි බව වෛද්‍ය මතයයි