පොලිසියට සුනඛයින් අවශ්‍යයි

ශ්‍රී ලංකා පොලිසියට පොලිස්‌ සුනඛයින් 50 දෙනකු ගෙන්වීම සඳහා විදේශයෙන් ටෙන්ඩර් කැඳවීමට ක්‍රියාකරන බව පොලිස්‌ නිල සුනඛ අංශයේ අධ්‍යක්‍ෂක පොලිස්‌ අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා ඊයේ (6 දා) පැවසීය.

දැනට පොලිස්‌ දෙපාර්තමේන්තුව සතුව සුනඛයන් 200 ක්‌ පමණ සිටින බවද පොලිස්‌ අධිකාරිවරයා පවසයි.සාමාන්‍යයෙන් පිටරටින් ගෙන්වනු ලබන එක්‌ සුනඛයකු රුපියල් ලක්‍ෂ හයක්‌ පමණ වන බවද දැනට සිටින පොලිස්‌ සුනඛයන් 200 ප්‍රමාණවත් නොවන නිසා මේ වසර තුළදී සුනඛයන් 50 ක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වන බවද හෙතෙම කීය.