සාපෙළ පළමු තැන විශාකාවේ අනුකිට

අද ප්‍රතිඵල නිකුත් වූ 2016 වසරේ දෙසැම්බර් මස පැවැති අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙල් විසින් හිමිකරගෙන තිබේ.

එහි දෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාළිකා විදුහලේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විදුහලේ ආර්.එම්. සුගත් රවිඳු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගෙත් හිමිකරගෙ තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාළිකා විදුහලේ පබසරා හේරත් විසිනුත් ලබාගෙන ඇත.

පස්වැනි ස්ථාන තුනක් ලබාඇති අතර කොළඹ දේවි බාළිකා විදුහලේ රනුමි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාළකාවේ ධම්සරා මේදාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිමන්තන් එම සිසු සිසුවියෝ වූහ.