දිවි නසා ගත් පියාගේ හිස සහ කඳ වෙන්වෙලා

ගෙල වැලලාගෙන වේගයෙන් ගසින් පැනීම නිසා හිස සහ කඳ වෙන් වී අඩි 7 ක්‌ පමණ ඈතට විසි වී තිබූ මළ සිරුරක්‌ ඊයේ 10 දා පෙරවරුවේ උතුරු කළුතර පොලිසියට හමු වී ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ වස්‌කඩුව නයිදූව පදිංචි 46 හැවිරිදි පී. විජය නමැති දෙදරු පියෙකි.

මොහු සිය එළවළු කොටුවේ අඩි 25 ක්‌ පමණ උස කොට්‌ටම්බා ගසක අත්තක කඹය ගැට ගසා තොණ්‌ඩුවෙන් ගෙල පැලඳ පැනීම නිසා හිස සහ කඳ ක්‍ෂණිකව වෙන් වී බිම පතිත වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගිය අයගේ මරණය පිළිබඳ උතුරු කළුතර පොලිසිය ඊයේ දහවල් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කළ අතර වැඩබලන මහෙස්‌ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.