උමාලි සාරංග දීගය අහවරයි


සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාම ගැන හැමතැනම විවිධ දේවල් කථාවෙනවා.

ඒවගේම මේ වෙනකොට සාරංග උමාලිගෙන් වෙන්වෙන්න දික්කසාද නඩුවක් පවරා ඇති බව සමීපතම ආරංචිමාර්ග පවසයි.

මේ විවාහය දෙදරා යන්න ප්‍රධාන හේතුව උමාලි සහ නවක නළු ධනුක ඩිල්ෂාන් අතර පැවති අනියම් ප්‍රේම සම්බන්ධයක් කියන කථාව ඇත්ත කියලයි අපිට ආරංචි වුනේ.

අවුරුදු 02ක් තිස්සේ මේ දෙදෙනා අතර මෙම සමීප සම්බන්ධය තිබුණු බවත් සාරංග එය නවත්වන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.ඒත් උමාලි මෙම සම්බන්ධය නතර කර නැති නිසා මේ දෙදෙනා වෙන්ව සිටීමට හේතුවක් වෙලා තියෙනවා.ධනුක ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දීමේ පුවතද සත්‍ය බවත් අපට වාර්තා වුනා.

මේ අතර සාරංග තම ෆේස්බුක් ගිණුමේ සටහන් එකතු කර තිබුණේ මෙහෙමයි,
කොහොම උනත් මෙම සටහන දමා ඇත්තේ ගොසිප් කාරයන්ට නොව උමාලිගේ සමීපතයෙකුට බවයි අපට වාර්තා උනේ.

ඊට හේතුව උමාලිගේ සහ ධනුකගේ අනියම් පෙම හසවූ පසු උමාලිගේ ළඟම පුද්ගලයෙකු පිටු 10 ක පමණ ලියුමක් සාරංග වෙත යොමුකිරීමයි.

කොහොම උනත් රසිකයෝ ගොඩක් ආදරය කරපු සාරංග - උමාලි කැදැල්ල මේ වෙද්දි විසිරිලා ඉවරයි. ඒ වගේම සාරංග උමාලිගෙන් වෙන් වෙන්න තීරණය කරලත් ඉවරයි.

සාරංගගේ සහ දිනක්ෂිගේ පෙම් පලහිලව්ව අසත්‍ය කතාවක් බවත් අපට වාර්තා වුනා.