යළි උපන් Nokia 3310 මෙන්න

වසර දාහතකට පසු 'Nokia 3310' ජංගම දුරකතනය යළි වෙළඳපොළට නිකුත් කරනු ලැබ තිබේ.
ඔරොත්තු දීම අතින් '3310' මාදිලිය පාරිභෝගිකයන්ගේ සිත් දිනාගත් දුරකතනයක් ලෙස සැළකේ.
2000 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ නිෂ්පාදනය කොට ඇති 'Nokia 3310' දුරකතන සංඛ්‍යාව මිලියන 126 කට අධිකය.

අලුතින් හඳුන්වා දුන් දුරකතනය ෆින්ලන්තයේ 'HMD Global' සමාගම යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

'HMD Global' සමාගම පවසන පරිදි 'Nokia 3310' නව දුරකතනයේ ඇති විශේෂ පහසුකම්

වර්ණ තිරය
කැමරාව - මෙගා පික්සල් 2
බැටරියේ රඳා පැවැත්ම - පැය 22 ක ඇමතුම් කාලයක්
ස්නේක් වීඩියෝ ගේම්
Grey line
'Nokia 3310' නව දුරකතනයේ අන්තර්ජාල පහසුකම් සීමාසහිතවන අතර එය ඇමරිකානු ඩොලර් 52 කට ආසන්න මිලකට වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.