සයිටම් CEO ඉවත්කරයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය සමීර සේනාරත්න මහතා එම තනතුරින් තාවකාලිකව ඉවත්කළ බව සයිටම් සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම සමීර සේනාරත්න මහතාද එම තනතුරින් තාවකාලිකව ඉවත්වෙන බවට සයිටම් ආයතනය ලිපියකින් දන්වා ඇතැයිද මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි. සමීර සේනාරත්න මහතා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිදුකරන පොලිස් පරික්ෂණවලදී මේ වන විට හෙළිව ඇත්තේ ඔහුට ජිවිත තර්ජනයක් ඇති බවට පෙන්විම සඳහා එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම සිදුවීම සඳහා සයිටම්හි හෝ නෙවිල් ප්‍රනාන්දු රොහලේ කිසිඳු පුද්ගලයෙකු සෘජුව සම්බන්ධ වී නොමැති බවත් ඒ සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර වරදකරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් නිකුත් කළ නිවේදනයේ වෙයි.