GSP සහනය කල් යයි

ජී. එස්‌. පී. සහනය ශ්‍රී ලංකාවට ලබාදීමේ තීරණය ලබන මැයි මස දක්‌වා කල් දමා ඇතැයි යුරෝපා සංගමය හෙළි කර ඇත.

යාපනයේදී උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා හමු වූ යුරෝපා සංගමයේ තානාපති මන් මාර්තිව් මහතා විසින් මේ බව පවසා තිබේ.


මෙහිදී උතුරු මහ ඇමැතිවරයා යුරෝපා සංගමයේ තානාපති වෙත පැමිණිල්ලක්‌ කරමින් ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන් පිළිබඳ දේශපාලන කාර්යාලය පිහිටු වීමට කටයුතු කර නැති බව පවසා ඇත.

එසේම ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාවට විසඳුමක්‌ දීමට ක්‍රියා කර නැති බවත් ද්‍රවිඩ ජනතාව නොසතුටට පත් වී සිටින බවත් විග්නේශ්වරන් සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවට එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරිය වූ උගා මාන්තිවුලන් සහභාගි වී ඇත.