විමල්ට තව නඩුවක්

මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් අල්් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී උද්ඝෝෂණ පවත්වා මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු 7 දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (8දා) දැනුම් දුන්නේය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ල පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කොට උද්ඝෝෂණ සිදු කිරීම මඟින් විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් මහජන පීඩාවක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙලෙස නඩු පැවැරීමට නියමිතය. මේ සැකකරුවන්ට අදාළ චෝදනා පත්‍ර ලබන අප්‍රේල් 24දා ගොනු කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.