විමල් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු පැවසුවේය.


පසුගිය රජය සමයේ වාහන අවභාවිතය තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර තිබේ.