කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක, ලේකම් කුමාර් ගුණරත්නම් මහතා හට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබාදුන් බවයි.


ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි වන අතර මෙරට පුරවැසිභාවය පමණක් හිමිවනු ඇත.

වෙනත් රටක පුරවැසිභාවය අහෝසි කර ලංකාවේ පුරවැසිභාවය පනමණක් හිමිවන ආකාරයෙන් කුමාර් ගුණරත්නම් මහතා මෙරට පුරවැසිභාවය සඳහා අයදුම් කර තිබූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට පුරවැසිභාවය කුමාර් ගුණරත්නම් මහතාට ලබාදීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේය.
මේ අතර පෙරටුගාමී පක්ෂය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගෙන තිබෙන අතර, එහි සංවිධායක ලේකම් ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත් කර ගෙන තිබේ.