තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාවට ජය

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පවතී දෙවන විස්සයි විස්ස තරඟය ජයගන්නට ශ්‍රී ලංකාව අද සමත්වුණා.තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 173ක් රැස්කළා.

ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 84 ක් ලබා ගත්තා.ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය