පිළිකා නසන පිරිතේ බලය

අනාදිමත් කාලයක සිට ආගමික පිළිවෙතක්, ශාන්තිකර්මයක් වශයෙන් මහත් පිළිගැනීමට ලක්ව ඇති පිරිත් දේශනා හුදු අන්ධ විශ්වාසයක් නොව, ශ්‍රාවකයනට මානසිකව මෙන්ම කායිකවද සෙත සැලසීමට සමත් පාර භෞතික ප්‍රතිකාර ක්‍රමයක්ද වන බව පර්යේෂණවලින් සනාථ වී තිබේ. පිරිත් ශ්‍රවණය නිසා සිත සැහැල්ලූ වන බව මොළය නිරෝගී වන බව පිළිකා ෙසෙල වර්ධනය ඇනහිටින බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

මේ පර්යේෂණ අතර ජපන් ජාතික වෛද්‍ය මසරු ඉමොටො විසින් සිදු කරන ලද පර්යේෂණයක් සහ ආචාර්ය චන්දන ජයරත්න, මඩවල උපාලි හිමියන්ගේද සහාය ඇතිව සිදු කරන ලද පර්යේෂණයක් අතිශය වැදගත් පර්යේෂණ වශයෙන් හැඳින්විය හැකිය.

වෛද්‍ය මසරු ඉමොටො තම පර්යේෂණය සිදු කළේ ජලය බඳුන්වලට පිරිත් සජ්®ායනා නාද ගැටීමට සලස්වමිනි. ඔහුගේ පර්යේෂණය පිරිත්වලටම සීමා වූවක් නොවන නමුදු අප මෙහිදී සාකච්ඡා කරනුයේ ඔහුගේ පර්යේෂණයේ පිරිත්වලට අÞළ කොටස පම‚. ජල බඳුනක් පැය කිහිපයක් පිරිත් සජ්®ායනයකට නිරාවරණය වන්නට හැරිය ඉමොටො, එම ජලය අයිස් බවට පමුණුවා අන්වික්ෂ ආධාරයෙන් ඡායාරූපයට නැගුවේය. එම අයිස් ෂඪාශ්‍රාකාර ස්ඵටිකවලින් සමන්විත බව එහිදී අනාවරණය විය. මෙය පිරිත් ශ්‍රවණය සිරුරට යහපත් ප්‍රතිපල අත්කරදෙන බව අනාවරණය කරගැනීමට හොඳ පදනමක් සැපයීය.

මිනිස් සිරුරේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. කිසියම් පුද්ගලයකු පැය කිහිපයක් පිරිත් ශ්‍රවණය කළ විට සිරුරේ ඇති බොහෝ ජල අනු ෂඪාශ්‍රාකාර බන්ධන බවට පත් වෙයි. මෙබඳු ෂඪාශ්‍රාකාර අනු සහිත ජලය ශරීරයේ ෙසෙල නිරෝගී කර රෝගවලින් තොර කරයි. විශේෂයෙන්ම පිළිකා රෝගීන්ගේ සිරුරේ පිළිකා ෙසෙල වර්ධනය වීම වැළැක්වීමේ හැකියාව ශඪාශ්‍රාකාර ජල අනුවලට තිබේ. එම නිසා ඉමොටොගේ සොයා ගැනීම පිරිත්වල බලය ඔප්පු කළ හැකි ප්‍රබල සාක්ෂ්‍යයක් යැයි පිළිගැනේ.
ආචාර්ය චන්දන ජයරත්න, මඩවල උපාලි හිමියන් සමග කළ පර්යේෂණය පිරිතේ වෙනත් ගුණයක් පිළිබඳ සාක්ෂ්‍ය සපයයි. එහිදී, පිරිත් සජ්®ායනයේදී නිකුත්වන ශබ්ද තරංග පරිගණක මෘදුකාංග මගින් පරීක්ෂාවට ලක් කරන අතරම පිරිත් ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ගේ හෘද ස්පන්දනයේ හැසිරීම් රටාවද අධිසංවේදී මයික්‍රෆෝන භාවිතයෙන් එකවර පරීක්ෂාවට ලක් කරන ලදී. මේ පර්යේෂණය මගින් අනාවරණය කෙරුණු කරුණු කිහිපයකි.

ප්‍රධානම කරුණ නම් විනාඩි 10ක් ඉක්මවා හොඳින් පිරිත් ශ්‍රවණය කරන විට හෘද ස්පන්දනය අඩුවී ශ්‍රාවකයාගේ මොළය, භාවනානුයෝගියෙකුගේ පරිදි zඇල්ෆාZ තත්ත්වයට හෙවත් දැහැනකට සමවැදුණු තත්ත්වයකට පත්වන බවයි. එසේ හෙයින් පිරිත් ශ්‍රවණයෙන් හදවත සුවපත් වෙයි. මොළයට දැනෙන සුවය නිසා ප්‍රතිශක්තිය වර්ධනය වෙයි. බුද්ධි මට්ටම ඉහළ යයි. ධනාත්මක සිතුවිලි වඩවයි. නින්ද හා බැඳුණු ගැටලූ සමනය වෙයි. සතුට, කරුණාව, දයාව වැනි සිතුවිලි උපදවයි. අවධානය හා සංවේදීතාව ඉහළ යයි. සමාජ සංවේදීතා ගුණය ඉහළ දමයි. තවත් ඉතා වැදගත් සංසිද්ධියක් වන්නේ මොළයේ පටක ඝනකම් වී මොළයේ වර්ධනයට හා නිරෝගී භාවයට දක්වන Þයකත්වයයි.

රෝග සුවය සඳහා භාවිත කෙරෙන සංගීත චිකිත්සාවෙන් ලැඛෙනවාට වඩා යහපත් ප්‍රතිඵල පිරිත් ශ්‍රවණයෙන් ලැඛෙන බව ආචාර්ය ජයරත්න සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ පර්යේෂණයේදී පිරිත් දේශකයන්ට මෙන්ම ශ්‍රාවකයන්ටද වැදගත් වන කරුණු කිහිපයක්ම අනාවරණය කරගැනීමට හැකි වී ඇත.

පිරිත් දේශනා වඩා වේගවත් බවින් ද මන්දගාමී බවින්ද තොරව මඳ වේගයෙන් නිසි වේගයෙන් කළ යුතු වෙයි. පිරිතේ ප්‍රතිපල ලැඛෙන්නේ එවිටය. මෙය පිරිත් සජ්®ායනාවලට සම්බන්ධ වන හැමගේම අවධානයට ලක්විය යුත්තකි. එසේම අපැහැදිලි, අමිහිරි හ~ නිකුත් කෙරෙන ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය භාවිතයෙන් පිරිත් ශ්‍රවණය කිරීමෙන්ද නිසි ප්‍රයෝජන ලැබිය නොහැකිය.

පිරිත් නිර්මාණය කර ඇත්තේ ශබ්ද විද්‍යාවට අනුවය. ගණ පිහිටුවීම නමින් ප්‍රසිද්ධව ඇත්තේ එම පදනමයි. එය ආවාට ගියාට සිදු කෙරුණු කාර්යයක් නොවේ. පිරිත් ශ්‍රවණය මොළයට හා හදවතට යහපත් බලපෑමක් කරන්නේ ගණ පිහිටුවීමට අනුව අක්ෂර නිවැරදිව උච්ඡාරණය කිරීම මගින් නිර්මාණය කෙරෙන ශබ්ද තරංග නිසාය. නිවැරදිව උච්ඡාරණය නොකෙරුණහොත් පිරිත්වල බලය ලැබිය නොහැකිය. එහෙයින් නිසි ප්‍රතිපල ලැබීමට නම්, නිසි රිද්මයට නිසි උච්ඡාරණ සහිතව පිරිත් සජ්®ායනය කිරීම අනිවාර්ය කරුණකි.

ඉමොටොගේ පර්යේෂණය සිදු කෙරුණේ ජලය පැය කිහිපයක් පිරිත් සජ්®ායනයකට නිරාවරණව තැබීමෙනි. එයින්ද අපට උගත හැකි පාඩමක් තිබේ. පිරිත රැයක් පහන් වන තුරුම පැවැත්වීම චිරාත් කාලයක් මුළුල්ලේ පැවත ආ සිරිතකි. ඊට හේතුවක් ඇති බව ඉමොටොගේ පර්යේෂණය අපට පහÞ දෙයි. එනම් පිරිතේ නිසි ප්‍රයෝජන ලැබිය හැක්කේ හැකිතාක් දිගු කාලයක් ශ්‍රවණය කිරීමෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යන ආයතනයේ මෘදුකාංග සංවර්ධන එකකයේ ප්‍රධානී හර්ෂ විජයවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක
අධ්‍යන ආයතනයේ මෘදුකාංග සංවර්ධන එකකයේ ප්‍රධානී
හර්ෂ විජයවර්ධන
සාකච්ඡා කර සකස් කළේ
නාරද කරුණාතිලක