ලෝකයට නව මහාද්වීපයක්

ලෝකයට අලුත් මහාද්විපයක් හඳුන්වාදීමට විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබේ. නැගෙනහිර ඔස්ට්‍ර්ලියා ප්‍රදේශයේ නවසීලන්තය ඇතුළත්වූ ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බව ඔවුහු පෙන්වා දෙයි.

නව මහාද්විපය ඔවුන් සීලැන්ඩියා ලෙස නම් කර තිබේ. නවසීලන්තය හා නව කැලෙඩෝනියාට ඇතුළත්ව නව මහාද්වීපය නම් කර තිබේ.

භූවිද්‍යාඥයින් 11 දෙනෙකු මෙම කණ්ඩායමට එක්ව තිබෙන අතර පැසිෆික් මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමියක් නව මහාද්වීපයක් ලෙස නම්කර තිබේ.

මේ වන විට ලෝකයේ පිළිගත් මහාද්වීප හතකි. අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, ඔස්ට්‍රේලියාව, උතුරු අමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය හා ආසියාව ලෙසිනි.

සිලැන්ඩියා මහාද්වීපය ලෝකයේ කුඩාම මහාද්වීපය වියහැකිය. විද්‍යාඥයින් පිරිස මෙම තොරතුරු ඇතුළත් කර පර්යේෂණ පත්‍රිකාවක්ද නිකුත් කර තිබේ.