බිබිලේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙයි

බිබිල ප්‍රදේශයේ ඉන්ෆ්ලුවෙන්සා (H1N1) වයිරස් උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිරී යෑම හේතුවෙන් රෝගීන් තිස්දෙනකු දැනට බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි වයි.එම්. සුනිල් සෙනරත් යාපා මහතා පැවැසීය.

ඉන්ෆ්ලුවන්සා වයිරස් උණ රෝගය වැලඳුණු රෝගීන් තිස්දෙනකු පමණ සතියක් ඇතුළත සොයාගෙන ඔවුන්ව වෙනම වාට්ටුවක රඳවා කොළඹින් ඔෟෂධ ගෙනවිත් නිසියාකාරව ප්‍රතිකාර ලබාදෙන බව වෛද්‍ය අධිකාරිවරයා කියයි. රෝගය වැලඳුණු රෝගීන් අතර ගර්භණී මවුවරුන් සිවු දෙනකු සිටින බවත් කියයි. මේ වයිරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස පැතිරී යා හැකි නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන් ප්‍රදේශයේ වෙනත් රෝහල්වලට මාරුකර යැවීමට ප්‍රධාන වෛද්‍ය අධිකාරිවරයා කටයුතු කර තිබේ.