කටපරිස්සම් කරගන්න - කාලෝ රන්ජන්ට කියයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (13දා) දෙරණ නාළිකාවේ දේශපාලන සාකච්ඡාවක් වන අංශක 360 හා එක්විය. මෙම සාකච්ඡාවේ අවසානයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දුරකතනය හා සම්බන්ධ වෙමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඔහු ගැන ආඩම්බර වන බවත් කට පරිස්සම් කර ගන්නා ලෙසත්ය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හා රන්ජන් රාමනායක මහතා ඥාතීන් වන අතර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රන්ජන් රාමනායක අමාත්‍යවරයා ඇමතුවේ බෑණා ලෙසයි.

මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය. "බැනා , ඔයා ගැන මම ආඩම්බරයි, හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න, ඔයට වඩා ටිකක් සංයමයකින් කටයුතු කරොත් හොඳයි නේද බෑනේ, මට නම් බැහැ තවත් මළ ගමක කතාවක් කරන්න මේ මහළු වයසේ ඉන්න මට"