අගමැතිට ඔස්ට්‍රේලියාවෙන් ගෞරව ආචාර්ය උපාධියක්


ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ට්‍රේලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. අද (14දා) පෙරවරුවේදී අග්‍රාමාත්‍යවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනැමූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා තිබේ.