ව්‍යායාමයෙන් අයුෂ වැඩේ

ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ නවතම පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ, පුද්ගලයකු‍ගේ ආයු කාලය වැඩි වීමට ශාරීරික ව්‍යායාම බලපාන බව ය.

මැදි වියේ පුද්ගලයකු, සතියකට තුන් වතාවක්වත් ව්‍යායාම්වල නිරත වනවා නම්, එම පුද්ගලයාට වැළඳී ඇතිරෝගබාධවලින් 35%ක් පමණ අඩු වන බව ඔවුන් පෙන්වා දී ඇත. එසේ ම, පිළිකා රෝගය වැළදීමට තිබෙන අවධානම ද 21%කින් පමණ අවම කර ගැනීමට, ව්‍යායාම හේතුවන බව ඔවුහු පවසති.

එංගලන්තයේ ජීවත් වන මිලියනයක් පමණ මිනිසුන්, විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා දිවීම, බයිසිකල් පැදීම මෙන් ම, කිසියම් ක්‍රීඩාවක නිරත වීම සාමාන්‍ය දෙයකි. ඔවුන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ, සතියකට එක් වතාවක් වුවත්, ඔවුන්ගේ ශාරීරික සුවතාව පමණක් නොව, මානසික සෞඛ්‍යය ද වර්ධනය වන බව අමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ප්‍රකාශ කරති.

සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන එමානුවෙල් ස්ටාමාටකිස් සඳහන් කර ඇති පරිදි, සතියකට එක් වරක් පමණ හෝ ශරීර සුවතාගාරයකට ගොස් ව්‍යයාම් හි යෙදීම හෝ සරල ශාරීරික ව්‍යායාම් හි නිරත වීම හේතුවෙන්, කිසිදු රෝගයකින් තොරව, දීර්ඝ කාලයක් ජීවත් විය හැකිය. එපමණක් නොව, මානසික සෞඛ්‍යයට ද එමඟින් යම් කිසි ගුණාත්මක උත්තේජනයක් සැපයේ.

තව ද , අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ, වැඩිහිටි පුද්ගලයෙක් සතියකට මිනිත්තු 150ක් පමණ ව්‍යායාම් සිදු කිරීමෙන්, සිරුරට ශක්තිමත් හා ළබාල පෙනුමක් ලැබෙන බව ය. ව්‍යායාම් කිරීම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථානවලට ගොස්, ව්‍යායාම කිරීමෙන්, අඩු වයසින් මිය යාමේ තත්ත්වය, 30%කින් පමණ අඩුවන බව ද ඔවුහු පවසති.