වලකට වැටී තරුණයෙකු මරුට (Video)

ප‍්‍රතිසංස්කරණය කරමින් පැවති මාර්ගයක තිබූ අනාරක්ෂිත වලකට වැටීමෙන් වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ස්ථානයේ ආරක්ෂාවට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබීම නිසා පසුගිය කාලයේ අනතුරු රැසක් සිදුවූ බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

වත්තල ඇලකන්ද – දික් ඕවිට මාර්ගයේදී සිදුවූ මේ අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ 24 හැවිරිදි තරුණයෙක්.
මෙම මාර්ගයේ බෝක්කුවක් සහිත ස්ථානයක් ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙන්නේ මීට මාස කීපයකට ඉහතදී. නමුත් මේ ස්ථානයේ ඉදිකිරීමක් සිදුවන බවට කිසිදු සළකුණක් හෝ දැනුම්දීමක් පෙන්වා දීමට බලධාරීන් පියවර ගෙන තිබී නැහැ. එම ස්ථානයෙන් යතුරුපැදියෙන් ගමන් කළ තරුණයෙකු මාර්ගයේ තිබූ මෙම වලට වැටි පහුගියදා මියගිය අතර ඔහු සමග ගමන් කළ තරුණියගේ අතකට ද හානි සිදුවුණා. එලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ මහබාගේ මත්තුමගල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසුව ප‍්‍රතිසංස්කරන කටයුතු සිදුකෙරෙන ස්ථානය අවට ආරක්ෂක උපක‍්‍රම සහ දැන්වීම් සවිකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන ආකාරයද අපට දක්නට ලැබුණා.