මැතිව්ස් අද ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විය.ක්‍රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව වාර්තාවෙයි

මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේදී එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පි්ළි‍තුරු ලබා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ.

ෆේසුබුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළකෙරුණා.

මේ හේ්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටි බවයි තිලංග සුමතිපාල පැවසුවේ.

දිගින් දිගටම සමාජ ජාල වෙබ්අඩවි හරහා එල්ල වන මෙම චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළබව තිලංග සුමතිපාල සදහන් කළා.

කෙසේ් වෙතත් තමන් මැතිව්ස්ට සමාජ ජාල වෙබ් අඩවි වල පළවන වාර්තාව සැබෑ තත්වය පහදා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.