උතුරු නැගෙනහිර සෑම පන්සලකටම හමුදා රැකවරණ

උතුරු නැගෙනහිර සෑම බෞද්ධ විහාරයකටම හමුදා ආරක්‍ෂාව ලබාදීමට රජය පියවර ගෙන ඇත.මේ සඳහා අදාළ නියෝගය පසුගිය සතියේදී ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මහා මාර්ග අසල හා වෙනත් ස්‌ථානවල පිහිටුවා ඇති බුදු පිළිමවල ආරක්‍ෂාව සඳහා ද හමුදාව යොදවනු ඇත.

පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ පොලිස්‌ වසම් හතරක බුදු පිළිම කීපයක්‌ කිසියම් පිරිසක්‌ විසින් කඩා බිඳ දැමීමෙන් අනතුරුව රජය මෙම තීරණයට එළැඹ ඇත.මෙම පිළිම කැඩීම සම්බන්ධව හමුදා බුද්ධි අංශ මගින්ද පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.