බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න ජනපති කොමිසමක්

මතභේදයට තුඩු දි ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරිම සඳහා විශේෂ ජනපති කොමිසමක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇති නිවේදනයක් දැක්වෙන්නේ මෙම සතිය තුළදී එම කොමිසම පත්කරන බවත් ගනුදෙනුව විමර්ශනය කිරීමත් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමටත් මෙම කොමිසම පත්කල බවයි.