දුලානිගේ නිරුවත් දර්ශනයට මොකද වුණේ ?

පටාචාරා සිනමා පටයේ පටාචාරාවට ජීවය දෙන්නේ අපි කවුරුත් දන්න දුලානි අනුරාධා.

මෙහි තිර පිටපතට අනුව පටාචාරාව නිරුවතින් මහ මග දුවන දසුන් පෙළත් ඇතුළත් වෙලා තියනවා.

කොහොමහරි මේ සිනමාපටය රූගත කරන්න කලින් තිර පිටපත දුලානිට අතට පත් කරන්න නිෂ්පාදක කණ්ඩායම පියවර ගෙන තිබුනත් පිටපත හරියට නොකියවා චරිතය භාරගත්ත දුලානිට තරු විසිවුනේ ගෙදර ගිහින් නිවාඩු පාඩුව ඒක කියවන විටයි.

කොහොම නමුත් ඔන්න මේ වෙලාවේ දුලානිට ඝණ දෙවි නුවණ පහළවෙලා.

එයා හනිකට අධ්‍යක්ෂ අමතලා කියලා තියනවා අනේ අයියේ මම ගුරුවරියක්නේ ඒ හන්දා මං කෝමද මේ නිරුවතින් දුවන දසුනට ඉන්නේ කියලා.

කොහොම හරි අධ්‍යක්ෂවරයාත් අන්තිමේ ඒ දසුන් වෙනත් ක්‍රමයකට ගන්න කැමති වෙලා.