උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් අත්හිටුවයි

හිටපු රුසියානු තානාපතිවරයකු වන උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිනූම් අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04) නියෝග කළාය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ ඉල්ලීමට අනුව මේ නියෝගය මහේස්ත්‍රාත්වරිය ලබා දුන්නාය.

ඉකුත් නොවැම්බරි මස (28) වනදා උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් පහක් පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරියගෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට අනුව මහසේත්‍රාත්වරිය අවසර ලබා දුන් අතර ඒ අනුව සිදු කළ විමර්ශණ වලට අනුව බැංකු ගිණුම් අත්හිටුවවීමට කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධීකරණයෙන් ඉල්ලා සිටියේය.