ලොතරැයි පත් අලෙවිය පහළ බසී

ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමීම නිසා ලොතරැයි පත්අලෙවිය 40%කින් පහළ බැස ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කළේය.

මේ නිසා ලොතරැයි පත් අලෙවියෙන් ඉදිරියේදී ඉවත් වන බවද හෙතෙම පවසා සිටියේය.