අමුතු පහසක් සොයන වඳුරෙක්

ජපානයේ වඳුරෙකු 'සිකා' වර්ගයේ මුව දෙනකගේ ලිංගික පහස ලැබීමට උත්සාහ කරන ආකාරය සතුන් පිලිබඳ පර්යේෂණයක යෙදෙන සත්වවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් වීඩියෝ ගත කරනු ලැබ තිබේ.

2015 වසරේ නොවැම්බර් මස පැටවුන් බෝ කරන සමයේදී 'මැකියු' නම් ආසියානු වඳුරු වර්ගයට අයත් මෙම වඳුරා අවම වශයෙන් මුව දෙනුන් දෙදෙනෙකු සමගවත් ලිංගිකව එක්වීමට උත්සාහ දරන ආකාරය පර්යේෂකයන්ගේ ඇසට හසුවිය.

මැකියු වඳුරන් සාමාන්‍යයෙන් ජපානයේ හිම වැටෙන ප්‍රදේශවල උණුදිය උල්පත්වලින් ස්නානය කරන අතර මුවන් වෙසෙන ස්ථානවල ජීවත්වේ.එබැවින් මැකියු වඳුරන් මුවන්ගේ පිට මත නැගී සැරිසරන ආකාරයද සුලභ දසුනකි.

වඳුරන්ගේ මේ හැසිරීම් පිළිබඳව වාර්තාවන්නේ මෑතකදී පළකෙරුණු සත්ව තොරතුරු රැගත් සඟරාවකය.
මුවදෙනුන්ගේ පහස පතන මේ වඳුරා තමා මුවදෙනුන් සමග සිටින අවස්ථාවල වෙනත් වඳුරන් අසළට පැම්ණීමට ඉඩ නොදෙයි.