හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් ණයක්‌

හිටපු කොටි ක්‍රියාකාරීන්ට ස්‌වයං රැකියා ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 525 ක ණය මුදලක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.

සියයට හතරක පොලී අනුපාතය යටතේ රුපියල් 2,50,000 ක්‌ දක්‌වා ණය මුදලක්‌ ඔවුන්ට ලබාගත හැකිවේ. මේ ණය මුදල වසර 10 කදී ගෙවිය යුතුය.රාජ්‍ය බැංකු තුනක්‌ මගින් මෙම ණය මුදල් සැපයෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.මෙයට පෙර හිටපු කොටි ක්‍රියාකාරීන්ට වන්දි මුදලක්‌ දීමට ඉදිරිපත් වූ යෝජනාව රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.