මහින්ද අමරවීරත් ඉල්ලා අස්වෙන්න යයි

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ඇමැති පදවියෙන් ඉල්ලා අස්වන බවට ඉඟියක් කර තිබේ.අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාද වෙයි. ධීවර ඇමැතිවරයා මේ ඉඟිය කෙළේ නත්තල් උත්සවය නිමිත්තෙන් අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදීය.

මම ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නයි ඉන්නේ. මට තවදුරටත් මේ අමාත්‍යාංශයේ වැඩ කරන්න බෑ. එයට හේතුව මේ අමාත්‍යාංශයේ සේවය කරන ඇතැම් නිලධාරීන් සමඟ කටයුතු කරන්න බෑ.

වැඩ කරන්න ඕනෑ විදියට ඔවුන්ගෙන් සහාය ලැබෙන්නේ නෑ. මම ජනාධිපතිට කියල වැඩ කරන්න වෙනත් අමාත්‍යාංශයක් ඉල්ලනවා. නොලැබුණත් කමක් නෑ යැයිද මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසීය.

"වැඩත් සමඟ ගමක්" යන වැඩසටහනට 2017 වසරේදී රුපියල් මිලියන 1,300ක් වෙන්කර තිබෙන අතර, ධීවරයන්ගේ නිවාස අලුත්වැඩියා කර ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය වැඩවලට පවුලකට රුපියල් ලක්‍ෂය බැගින් දේශපාලන භේදයකින් තොරව ලබාදෙන බවත් කී අමරවීර අමාත්‍යවරයා, ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරගෙන යන ලෙස නියෝජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගෙන් ඉල්ලීමක්ද කෙළේය.