හෙලිකොප්ටරය O/L විභාග මධ්‍යස්ථානයකට ගොඩබස්සලා

කතානායක, විපක්ෂනායක සමඟ අමාත්‍යවරුන් පිරිසක් ගමන් කළ හෙලිකොප්ටරයක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ විභාග මධ්‍යස්ථානයක් වූ පේසාලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයකට ගොඩ බැස්වීම හේතුවෙන් පෙරේදා (7දා) විභාගය වෙනුවෙන් පෙනී සිටි දරුවන් මහත් අපහසුතාවට පත්වූ බැව් ප්‍රදේශවාසීහු පවසති.

පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කතානායක, විපක්ෂනායක, අමාත්‍යවරුන් හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් පිරිසක් මේ හෙලිකොප්ටරයෙන් පැමිණ ඇත.

ප්‍රදේශවාසීන් පැවැසුවේ හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමෙන් අනතුරුව අදාළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් පවතින බැව් දැනුම්දීමෙන් අනතුරුව වෙනත් ස්ථානයක් වෙත ගුවන් යානය රැගෙන ගිය බවයි.

සන්නිවේදනයෙන් සිදුවූ දෝෂයක් මත එම හෙලිකොප්ටරය විභාග මධ්‍යස්ථානය පිහිටි ස්ථානය වෙත ගොඩබස්සවා ඇති බව පැවැසේ.