දුමින්දගේ FB පිටුවේ පාලනය සහෝදරියගෙන්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතානයට වරදකරුවෙකු බවට පත්ව මරණීය දණ්ඩණය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම ඔහුු සිරගතව සිටින කාලයේදීත් සක්‍රීය වී තිබේ.

එම පිටුව සක්‍රීයව පවත්වාගෙන යන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් වූ අතර ඇයගේ සහෝදරිය වන දිලිණි සිල්වා අද (01දා) එයට පිළිතුරු දී තිබෙයි. ඇය පවසන්නේ දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව තමන් විසින් සක්‍රීයව පවත්වාගෙන යන බවයි.