ගුණරත්නම් නිදහස් වෙන ලකුණු Video

කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අද පාර්ලිමේන්තුවේ දී පැවසිණ.

මේ බව සදහන් කලේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න විසින්.

එහි දී ඒහු සදහන් කලේ කුමාර් ගුණරතනම් රටින් පිටුවහල් කරන්නේ නැති බවය.

ස්ථාවර නියෝග 23 - 2 දෙක යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ගුණරතන්ම් පැහැරගෙන ගියේ පසුගිය රජය බවත් ඔවුන් දැන් කිඹුල් කඳුළු හෙලන බවත්ය.

කුමාර් ගුණරතනම්ගේ සිර දඩුවම් කාලය ලබන 09 වැනිදා අවසන්වීමට නියමිත අතර ඔහු මේ වන විට වසරකට අධික කාලයක් සිරදඩුවම් විදියි.