සුසන්තිකා රෝහල් ගත කරයි

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ රෝහල් ගත කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ ඇයව උණ රෝගයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බවයි වාර්තා වෙන්නේ.රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් අමරසේකර සඳහන් කළේ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කරන බවයි.