ලක්මාල්ගෙන් කඩුලු 5ක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩයම සියළු දෙනා දැවී ලකුණු 286ක් ලබා ගෙන තිබේ.ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා - ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේදීයි.

මේ අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී ලබා ගත් වැඩිම කඩුලු සංඛයාවක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත්විය.

ඔහු ලකණු 62කට කඩුලු පහක් දවාගැනීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වෙයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයන් වෙන ඩීන් එල්ගාර්, ස්ටීවන් කුක්, හෂීම් අම්ලා, නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා කේෂාව් මහරාජ් දවාගැනීමට ලක්මාල් සමත්විය.