විමල් පරීක්ෂණ මඟහරින බවට පොලිසියෙන් චෝදනා

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් පරීක්ෂණවලට සහය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය චෝදනා කරයි.

ඒ, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමිනි.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින හේතුවෙන් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ පිළිබඳව කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය.