ඩොනල්ඩ් ට්‍රම්ප් - මෛත්‍රී හමුවක්

ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වුණු උප ජනාධිපති මයික් පෙන්ස් වෙතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අද (දෙසැ. 01) රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් ලැබුණි.

මෙහිදී දෙරට අතර ප්‍රජාතන්ත්‍රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

එමෙන්ම මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවක්

ඇමරිකා එක්සත් ජනපදයට තේරී පත්වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක් ළඟදීම සුදානම් කිරීමට කටයුතු යොදන බවද මයික් පෙන්ස් මෙහිදී ප්‍රකාශ කර ඇත.
මෙම දුරකථන සංවාදය අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මයික් පෙන්ස්ට සුභ පැතීමට ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අමතක නොකළේය.